පොප් චිත්‍ර කලාව
පොප් චිත්‍ර කලාව යනු, 1950 ගණන් වල මැද භාගයෙහිදී බ්රිතාන්යයෙහිදී සහ 1950 ගණන් වල අවසන් භාගයෙහිදී එක්සත්
ජනපදයෙහිදී ඉස්මතුවූ කලා ව්යාපාරයකි. බි්රතාන්ය ජාතික කලා විචාරක ලෝරන්ස් ඇලෝවේ විසින් ලියන ලද රචනයකට මෙම පොප් කලාව යන යෙදුම නිර්මාණය කිරීමේ ගරුත්වය හිමිවේ. නමුත් එහි දක්වා තිබුණේ ‘ජනපි‍්‍රය පොදුජන සංස්කෘතිය’ යනුවෙනි. කෙසේනමුත් පොදුජන සංස්කෘතිය සහ පොප් කලාව ශාස්ත්රසම්මත කලා ආකෘතියක් ලෙස තර්කකර සිටි පිරිස අතර අලෝවේ ඉදිරියන්ම විය. පොප් කලාව 20 වන සියවසේ බිහිවූ ප්‍රධානතම කලා ව්යාපාරයන්ගෙන් එකක් වෙයි. දැන්වීම්කරණය සහ චිත්‍ර කථා වැනි ජනපි‍්‍රය පොදුජන සංස්කෘතියේ තේමාවන් සහ ශිල්පක්රමයන් විසින් හැඩගස්වනු ලැබූ පොප් කලාව එවකට අධිපතිත්වය දැරූ අධිතාත්විකවාදී ප්‍රකාශනවාදයට දක්වන ලද ප්‍රතිචාරයක් විය. පොප් කලාව පොප් සංගීතය මෙන්ම කලාවේ ප්රභූත්ව සංස්කෘතියට ප්රතිපක්ෂව ජනපි‍්‍රය ප්රතිරූපයන් යොදාගැනීම අරමුණු කරගන්නා ලදී. චිත්‍ර ශිල්පියාගේ ප්‍රකාශක හස්තය වෙනුවට ප්රතිනිෂ්පාදවය කිරීමේ යාන්ත්‍රික ක්‍රමවේදයන් සහ අනුවාදය කිරීමේ ශිල්පක්රමයන් භාවිතයට ගැනීමට සිත්තරුන් පෙළඹීම මෙහිදී දැකගත හැකිවිය. පොප් කලාව පුළුල් නරඹන්නන් පිරිසක් ඉලක්කකර ගන්නා ලදී. පොප් කලාවේ වැඩි ප්‍රමාණයක් බෙහෙවින්ම ශාස්ත්රාලීය ලෙස ලෙස සලකනු ලැබේ. එයට හේතුව එහි අසම්මත සංවිධානාත්මක පරිචයන් හේතුවෙන් එය තේරුම් ගැනීම ඉතා අසීරු වීමයි. පොප් කලාව අවසන් නූතන කලා ව්යාපාරය ලෙසින් සැලකෙන අතර එබැවින්ම පශ්චාත් නූතන කලාවේ පූර්ව නිමිත්ත ලෙසින්ද හඳුන්වනු ලැබේ. සමහර පොප් කලාකෘතීන් පශ්චාත් නූතන කලාවේ මුල්ම ප්රකාශනයන් ලෙසින්ද හඳුන්වනු ලැබේ.
.jpg)



.jpg)
.jpg)

No comments:
Post a Comment